240000.00 Rs Lancer Wagon 1978 in Warakapola

Published date: 07/04/2017
  • Location: Warakapola, Kegalla, Sri Lanka

ඔබගේත් මාගේත් කාලය නිකරුනේ වැයවීම වලක්වාලීම පිණිස වහනයේ හොඳ මෙන්ම අඩුපාඩු මෙසේ දක්වමි. මේවා කියවා බලා තීරණයක් ගෙන පැමිණීම දෙදෙනාටම පහසුවක් වේවි.

-------- වාහනයේ හොඳ තත්වය ---------
1. හොඳ Pickup එකක් තියෙන හොඳින් Tune කල එන්ජිම.
2. එන්ජිමේ සද්දයක් නැතිව , vibration නැතිව හොඳින් පවතිනවා. මා මිට වසර 2කට පෙරමිලදී ගත් අවස්ථාවේ මෙහි දෝෂයක් නැති වුවත් මම මෙහි එන්ජිම සම්පුර්ණයෙන් අලුත්වැඩියා කර පාවිච්චියට ගත්තේ.
3. මාලඟ වසර 2ක් තිබු මෙම වාහනය මවිසින් 40,000km පමණ ධාවනය කළා . දිනකට 100 km පමණ රැකියාවට යාම සඳහා භාවිතා කළා ( අලව්ව-කටුනායක). මේතාක් එන්ජිමේ කිසිම ලෙඩක් ඇවිත් නැහැ. කවදාවත් මගදී ලෙඩක් ඇවිත් නැහැ. රනින් හොඳටම හොඳයි. කිසීම අවුලක් නැහැ.
4. speed මීටර්, fuel මීටර්, Temp මීටර් 100%කම වැඩ.
5. රිවස් කැමරා තියනවා. නමුත් මිට සතියක පමණසිට එය ක්‍රියාත්මක නැහැ ( වයරයක් ගැලවී ඇතැයි සිතමි) .
6. මෙහි මවිසින් රු.28,000ක් වැයකොට සවිකළ වසරක් භාවිතාකළ navigation system එකක් තිබෙනවා ( සිංහල මාර්ගෝපදේශ සහිත) . එය ඔබට අනවශ්‍යනම් ඒ සඳහා රු.15,000ක මුදලක් අඩුකළ හැකියි.
7. රු.28,000ක් වැයකොට ටයර 4ම අලුතෙන්ම දාල තියෙන්නේ. ( Brand new)
8. 65A අලුත්ම ලොකු බැටරියක් අලුතෙන් දැම්ම මිට මාස 5කට කලින්. ( Brand New )
9. ගියර් බොක්ස් හොඳටම තියෙනවා ( අලුත්ම වාහනයක වගේ) - මෙය ගියර් හතරේ වාහනයකි.
10. හොඳටම සැපපහසු වාහනයක් . දුර ගමන්වලට හොඳටම හොඳයි. වාහනේ "දුණු" තියෙන්නේ.
11. රේඩියෙටරේ වතුර අඩුවෙන්නේ නැහැ . 100km ගියත් temp මීටරේ heat එක 50%ක් වත් නගින්නේ නැහැ. හොඳටම තියෙනවා.
12. blower වැඩ කරනවා.
13. Steareo USB / SD Audio Player එකක් තිබෙනවා. එයට බෆල්ද තිබෙනවා.

---------මෙහි ඇති අඩුපාඩු ---------
1. වාහනේ පරණ නිසා පේන්ට් එකෙහි අඩුපාඩු ඇතිහෙයින් අනර්ඝ පෙනුමක් ලබාගැනීමට ඔබට මෙය පේන්ට් කරගන්නට වේවි.
2. වහනයේ බඳේ යටහරියේ සමහර තැන් වල කුඩා දිරුම් දක්නට ලැබෙයි. ( සුළු වශයෙන්)
3. ඩිකියේ දොරේ lock එක පැනල තියෙන්නේ. ඒක හදාගන්න ඕනේ. ඒක නිසා ගොඩක් ගැස්සෙන ගැස්සෙනකොට දොර පොඩ්ඩක් සද්දයි. හොඳපාරේ කිසිම සද්දයක් නැහැ.
4. ඉස්සරහ වම්පස දොරේ ඇතුලෙන් අරින අල්ලුව කැඩිලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් පාස්සගන්න වෙනවා. (ඒක දාගන්න රු.500 ක් වගේ යයි).
5. ස්ටීරියන් වීල් එකේ බුෂ් එක ගෙවිල තියෙන්නේ. පොඩ්ඩක් "ටක්..ටක්.." ගානවා ගොඩක් ගැස්සෙන පාරේ (ඒක දාගන්න රු.1200ක් වගේ යයි). එතකොට වෙන ප්‍රශ්නයක් නැහැ.
6. බ්රේක් වලට පොඩ්ඩක් හුලං ඇදල තියෙන්නේ. ඒක නිසා වෙලාවකට දෙපාරක් විතර පැඩල් කරන්න ඕනේ. එක හුලං ඇරගන්න වෙයි. (ඒක කරගන්න රු.400ක් -700ක් වගේ යයි).
7. ඉස්සරහ වම්පැත්තෙ සීට් එකේ ඔලුව බුරුල් වෙලා තියනවා. එක හිරකරගන්න වෙයි. හෑන්ඩ් බ්රේක් මදි.
8. එක වයිපරේක පොඩ්ඩක් play එක වැඩි. (ඒක කරගන්න රු.1000 ක් වගේ යයි).

ඔන්න පොඩි පොඩි දෝෂ ටිකත් කිව්වා. වාහනේ හොඳ තත්වයත් කිව්වා.අඩුපාඩු හදල පේන්ට් කරලා ලක්ෂ 3.70කට විතර හොඳම වහනයක් විදිහට දෙන්න හිතාගෙන හිටියේ. එත්! මට වලාවක් තිබ්බේ නැහැ. ඒ නිසයි අඩුපාඩු ටික හදලම දෙන්න බැරිඋනේ. එනිසා මේක 2.40කට දෙනවා ඒ වැඩ කරගන්න ලක්ෂ 1.30ක් අඩුකරලා ( පේන්ට් එක හරියට ගනහවනම් 70ක් විතර යන නිසා) .
ගාන තව පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න පුළුවන්. මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්. මම හොඳටම පවිච්චිකරපු නිසා මේකේ ලෙඩක් නැතිබව දන්නවා. original පොත්පත් ඔක්කොම තියෙනවා පිරිසිදුව. කලින් කෙනාගේ හැඳුනුම්පත් පිටපත් පවා තියෙනවා transfer කරගන්න ලේසි වෙන්න. ලයිෂන් 2018 වෙනකල් තියනවා. යටිනුවර ට රෙජිස්ටර් කරලා තියෙන්නේ( පිළිමතලාව AGA Office)

කරුණාකර වාහනේට කැමතිනම් විතරක් කතාකරල weekend එකක එන්න. මටත් වෙලාව අඩුනිසා නාස්ති කරන්න කාලයක් නැතිනිසා මෙහි සියලුම කරුණු දක්වා තිබෙනවා. මේවා සලකා බලා පැමිණෙන්න.
මට ලඟපාත රැකියාවක් ලැබුන නිසා දැන් වෙනත් English number වාහනයකට යන්න හිතාගෙන තමයි මේක විකුනන්නේ.
_______________
** English Translation **

Read first before you come to see it.

-------- Good Conditions ------
1. Better Pickup Tuneed Engine.
2. No any sound , vibration in the engine. Fully repaired before 2 years . Not any single issue in the engine. Its working perfectly.
3. I was completed 40,000km (100 km Daily) for ride to my job ( Alawwa- Katunayaka) . Fully prefect running.
4. speed meters , fuel Meters, Temp Meters 100% Working.
5. HD Reverse camera ( But its not working from last week. I think it has small issue on wiring)
6. I spend Rs.28,000 for Latest navigation system ( With Sinhala Commands _Voice + View) . IF you not like it I can reduce Rs.15,000 .
7. Brand new 4 tyres ( CEAT)
8. 65A Brand New Battery .
9. Perfect Gear Box .
10. Very comfortable Car
11. blower working.
12. Steareo USB / SD Audio Player with Bufell.

---------Little Issues ---------
1. Have to paint it.
2. Some small Corrosions have under the body
3. Dickey door lock is not in working condiiton. Have to change it.
4. Front (left side) door handle is damaged. Have to weld it.
5. Need to change Staring wheel Rubber bushes.
6. Have to remove air on the brake system.
7.Front left side seat head is not fixed properly.
8. Left side wiper play is more. Have to adjust it.

Read this carefully , then decide your deception . Normally I'm busy with works. Please don't waste time.


Contact Number: 0713250750

Car details

Mitsubishi
Lancer
Wagon
1978
5
5
89168
1400
4
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Contact seller Share

Related listings

  • SUZUKI SPACIA G LTD 2016
    SUZUKI SPACIA G LTD 2016
    Cars - Wattala (Gampaha) - 12/18/2017 2850000.00 Rs

    Unregistered suzuki spacia G Ltd Hybrid package 2016/12 Pearl white Auto R/viper Auto door Setup DVD R/camara Crome front shell & rear door M/function Push start Carpets Line depart signal Auto break Low genuine mileage 2 Smart keys All original ...

  • Dfsk v27
    Dfsk v27
    Cars - Colombo 06 (Colombo) - 12/18/2017 1850000.00 Rs

    Price negtiable 1.85 million Duel a/c 7seater Power shutter Power streating Abs

  • Toyota Passo
    Toyota Passo
    Cars - Talawatugoda (Colombo) - 12/18/2017 2975000.00 Rs

    Toyota Passo stocks available in Japan ඉහත සදහන් වාහන ඔබගේ නමින් 30% ගෙවා ආනයනය කර ඉතිරි මුදල ලීසින් පහසුකම් මගින් ගෙවිමට හැකියාව . 1LKS සඳහා 5 years = Rs2450/= Hybrids Car සඳහා ඉහත මිල ගනන් වලට 80% ලීසින් පහසුකම් . ජපානයෙන් ඕනෑම ගැනුම්කරුවකුගෙන් ඔබ ...